
පහළ වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වේ.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.