Home උණුසුම් පුවත් පලිගැනීම්වලට එරෙහිව යනවා- විශ්ව විද්‍යාල විධායකය

පලිගැනීම්වලට එරෙහිව යනවා- විශ්ව විද්‍යාල විධායකය

0
පලිගැනීම්වලට එරෙහිව යනවා- විශ්ව විද්‍යාල  විධායකය

පලිගැනීම්වලට එරෙහිව පෙරට එන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළේය. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය කාල වකවානුව තුල මහජනතාවගේ ජීවන රටාව බරපතල වලස පීඩාවට පත්වීම හා රජය මගින් එම ගැටලු වලට අවම නිසි විසදුම් වහෝ ලබා නොදීම හේතුවෙන් රට තුළ සිදුවූ විවිධ්‍ ජනතා උද්ඝෝෂණ වලට සහය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලවේ කැඳවුම්කරු, ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ ඊළඟ නියමිත පියවර වන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු නොකර හදිසි නීතියට මුවා වී නිසි පිළිවෙත් මග හරිමින්
කටයුතු කිරීම අප සංගමය හෙළා දකිමු.
මෙම අසාධාරණ පලිගැනීම් දිගින් දිගටම තව දුරටත් ගෙනියන්නේ නම් විශ්වවිද්‍යාල විධායක
නිලධාරී සංගමය ද සමස්ත මහජනතාව සමග ඊට එරෙහිව පරෙට පැමිණෙන බවට දැඩිව අවධාරණය කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here