තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට බස් අඩුවෙයි - තෙල් ගබඩා හදාගත් ආයතන ගැනත් හෙළිදරව්වක්

    හෙට සිට බස් අඩුවෙයි – තෙල් ගබඩා හදාගත් ආයතන ගැනත් හෙළිදරව්වක්

    හෙට(26) දිනයේ පෞද්ගලික බස් ධාවනය 50%ක් දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

    ලංගම ඩිපෝ මගින් ප්‍රමාණවත් අයුරින් ඉන්ධන නිකුත් නොකිරීම ඊට හේතුව බව එම සංගමය කියා සිටී.

    මේ අතර ව්‍යාපාරික ආයතන 2100ක් පමණ සිය ආයතනවල ඉන්ධන ගබඩා කරගැනීම සඳහා ටැංකි ස්ථාපනය කර ඇති බවට හෙළිව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ බොහෝ ආයතනය ඒ සඳහා නිසි අවසරය ගෙන නොමැති බවයි.

    කෙසේවෙතත් ඉදිරියේදී බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් අනුව නොතකා කටයුතු කරන ආයතන සඳහා ලංකා ඛනි‍ජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන සැපයීම නවතා දමන බව ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img