තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක්

    රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක්

    රජයේ ආයතන සඳහා වන තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    රාජ්‍ය ආයතන ඩිජිටල් පද්ධති මත කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, යල් පැන ගිය තාක්ෂණ භාවිතය සහ රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් එම ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇත.

    එම තත්ත්වය පාලනය කිරීම පිණිස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019-2023ට අනුගතව සහ පිළිගත් අන්තර්ජාතික තොරතුරු ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ "පොදු අධිකාරිය" ලෙස අර්ථ දක්වා ඇති සියලුම රාජ්‍ය ආයතන විසින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.

    ඒ අනුව, රජයේ ආයතන සඳහා යෝජිත තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img