Home උණුසුම් පුවත් භාණ්ඩ වර්ග 12ක් සතොසෙන් අඩු මිලට

භාණ්ඩ වර්ග 12ක් සතොසෙන් අඩු මිලට

භාණ්ඩ වර්ග 12ක් සතොසෙන් අඩු මිලට

සතොස මගින් මිලදී ගත හැකි භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබේ.

එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මිලගණන් ඉදිරිපත් කළේය.

ඒ අනුව, ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩු කර ඇත. නව මිල වන්නේ රු 194කි.

පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු වී ඇති අතර නව මිල රු 460කි.

දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර තිබෙනවා ඒ අනුව නව විකුණුම් මිල රු 310කි.

ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 198කි.

හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල 1,375කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here