තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එසැණින් මිල වැඩි කළාට පාලන මිලට බිත්තර දෙන්න කල් ඉල්ලයි

    එසැණින් මිල වැඩි කළාට පාලන මිලට බිත්තර දෙන්න කල් ඉල්ලයි

    රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල යටතේ බිත්තර අලෙවි කිරීම සඳහා බිත්තර සහ කුකුළු මස් ව්‍යාපාරිකයෝ සතියක කාලයක් ඉල්ලා තිබේ.

    දැනට වෙළඳ පොලේ වැඩි මිලට මිලදී ගත් බිත්තර තොග පැවතීම නිසා හදිසියේ සිදු කරනු ලැබූ මිල අඩු කිරීමෙන් බිත්තර ව්‍යාපාරිකයන් අසීරුතාවයට පත් වීම හේතුවෙන් මෙලෙස සතියක කාලයක් ඉල්ලා ඇත්තේ රජයේ පාර්ශවය හා සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරියන්ගේ සංගමය අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී ය.

    රජය විසින් පාලන මිලක් පැනවීමත් සමග බිත්තර ව්‍යාපරිකයන් පැවසුවේ බිත්තර සැපයීම වහා අත්හිටුවන බවයි.

    එසේ වුවද බිත්තර කල් තබා ගත හැකි ආහාර ද්‍රව්‍යයක් නොවන බැවින් පවතින තොග අලෙවි කිරීමට සිදුවේ.

    රුපියල් 65 ක් වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වීම හේතුවෙන් බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් පසුගියදා නිකුත් කර තිබුණි.

    ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img