Home උණුසුම් පුවත් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙති

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙති

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙති

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරතව, නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරු සිය නිලයේ ලාංඡන පැළඳීමෙන් අනතුරුව, මේ වනවිට සේවයේ නියුතුව සිටින ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද( 22) දින හමුවී තිබේ. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී ය.

තමා හමුවීමට පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය උණුසුම් සුබපැතුම් පළ කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීයා ශ්‍රී ලංකා යුද හමුදාවේ අලුතින් පැවරෙන වගකීම් ඉටු කිරීමට නව මේජර් ජෙනරාල්වරුන්ට එහිදී උපදෙස් දුන්නේ ය.

එමෙන්ම අවශ්‍ය ඕනෑම විටෙක තම සහාය පළකරන බවට ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජෙනරාල්වරුන්ට මෙහිදී සහතික විය.

මේජර් ජෙනරාල් එස්.ඒ.කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, මේජර් ජෙනරාල් ජී.එම්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මේජර් ජෙනරාල් ජී.කේ.අයි.විතානාච්චි ඒටීඕ, මේජර් ජෙනරාල් එච්.ජී.පී. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්අයි අයිජී, මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, මේජර් ජෙනරාල් එච්.ඩී.ඩබ්.‍කේ.එන්. එරියගම ආර්ඩබ්පී ආර්එස්පී, මේජර් ජෙනරාල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යන මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලද නිලධාරීහු මෙම හමුවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here