
ත්‍රිරෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කරයි.
යාපනය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගාස්තු තීරණය කිරීම ඇතුළු ප්‍රවාහන සේවාවලට නියාමන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවය.