Home උණුසුම් පුවත් අම්බලන්ගොඩ හෝටලයේ වෙඩිතැබීමෙන් තවත් අයෙක් මරුට

අම්බලන්ගොඩ හෝටලයේ වෙඩිතැබීමෙන් තවත් අයෙක් මරුට

0
අම්බලන්ගොඩ හෝටලයේ වෙඩිතැබීමෙන් තවත් අයෙක් මරුට

අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි හෝටලයකට කඩාවැදුණූ තුවක්කුරුවෙක් විසින් කළ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මියගොස් තිබේ.

ඒ අනුව එම වෙඩි තැබීමෙන් මිය ගිය ගණන දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ ගණන ද දෙදෙනෙකි.

ඊයේ රාත්‍රී කාලයේ විදුලිය විසන්ධිව පැවති කාලයේදී ටී 56 අවියක් රැගෙන පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම කර තිබුණි.

වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ හෝටලයේ ඉහළ මහලේ විවෘත කොටසක මත්පැන් පානයකරමින් සිටි පුද්ගලයෙක් ඉලක්කරගෙනය.

පොලීසිය පවසන්නේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ටී 56 අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here