Home උණුසුම් පුවත් ජනපතිට එරෙහිව ප්‍රංශයේ විරෝධය දැක්වූ තරුණයා අත්අඩංගුවට

ජනපතිට එරෙහිව ප්‍රංශයේ විරෝධය දැක්වූ තරුණයා අත්අඩංගුවට

0
ජනපතිට එරෙහිව ප්‍රංශයේ විරෝධය දැක්වූ තරුණයා අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ රජයට එරෙහින ප්‍රංශයේ විරෝධතාවක් සංවිධානය කළ තරුණයෙකු ප්‍රංශයේ සිට මෙරටට පැමිණ රන්පොකුණගම පිහිටි නිවසට එන අවස්ථාවේදී නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 09 වෙනිදා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් ඇතුළු නිවාස දෙකකට පහරදීමක්, කැබ් රථයක් ගිනි තැබීමත් සහ බස් රථයකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස බවය.

මෙම පුද්ගලයා එම පහරදීම් සිදුකරන අයුරු සහ මෙහෙයවන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශනද ඇතැයි පොලීසිය කියයි.

මෙම තරුණයාගේ අඹු දරුවන් සිටින්නේ යැයි කියැවෙන්නේ ප්‍රංශයේය. මැයි 09 වෙනිදා සිදුවීම වන විට ඔහු සිට ඇත්තේ මෙරටය. පොලීසිය පවසන්නේ මැයි 09 වෙනිදා අරලියගහ මන්දිරයේ රැස්වීමකට සහභාගිවීමට පැමිණි පිරිස් නැවත ගමන් කරන බස් රථවල අංක කාඩ් බෝඩ් එකක විශාල ලෙස ලියා නිට්ටඹුව නගරයේදී ප්‍රදර්ශනය කරමින් ජනතාව කුපිත කරමින් එම බස් රථ නතරකර පහරදීමට පොළඹවන ලද්දේ ඔහු විසින් බවය. ඔහුගේ ජංගම දුරකතනයට යම් පුද්ගලයෙක් විසින් එම අංක එවා ඇති බවත් ඔහු ඒවා ලියා ප්‍රදර්ශනය කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වන බව පොලීසිය කියයි.

මෙම සැකකරු අරගල භූමියේද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටි බවද පොලීසිය සඳහන් කරයි.

පසුව ප්‍රංශයට ගොස් සිටි ඔහු ඊයේ ප්‍රංශයේ සිට මෙරටට පැමිණ ඇත. කටුනායක ගුවන්තොටුපොලේ සිට රන්පොකුණගම නිවසට පැමිණි අවස්ථාවේදී පොලීසියට ඒ ගැන ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here