Home දේශීය පුවත් උණුසුම් පුවත් කොව්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හෙට සිට ජනතාවට

කොව්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හෙට සිට ජනතාවට

0
කොව්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හෙට සිට ජනතාවට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

පළමු එන්නත් මාත්‍රාව මුලින්ම ලබාදුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට බැවින් දෙවැනි එන්නත් මාත්‍රාව ද මුලින්ම ලබාදෙන්නේ ඒ අයට බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

පළමු පෙළ සෞඛ්‍ය සේවකයින්ට ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අනුපිළිවෙල අනුව දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත ලක්ෂ තුන්හමාරක තොගයක් මේ වනවිට රට තුළ පවතින අතර එය මැයි මාසය අවසානය වන තෙක් ප්‍රමාණවත් වන බවද ඔහු පැවසීය.

පළමු එන්නත් මාත්‍රා 9,24,687ක් ලබාදී තිබේ. ඒ අනුව දෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ඉතිරි එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here