තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභය යළි දේශපාලනයට එනවාද නැද්ද? - ඇමති ප්‍රසන්න කී දේ..

    ගෝඨාභය යළි දේශපාලනයට එනවාද නැද්ද? – ඇමති ප්‍රසන්න කී දේ..

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) නුවරදී පැවසීය.

    එමෙන්ම ඔහු එවැනි තීරණයක් ගනීවියැයි තමන් විශ්වාස නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

    “මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුයි. ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත්හැරල මේ රටට සේවකයන් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිල ඉන්න ඉඩදෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්.

    ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරල ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

    ඒ වගේම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ගන්න කියලත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා. මොකද මේ ප්‍රශ්නය තව දුරටත් ඇදෙන්න දෙන්න බැහැ. රට ඩොලර් අර්බුදයයකට මුහුණ දීල ඉන්නෙ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img