තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජැක්සන් බලන්න ජනපති ගිහින්

    ජැක්සන් බලන්න ජනපති ගිහින්

    පසුගියදා අනුරාධපුරයේ දී අනතුරකට පත්ව බරපතළ තුවාල ලබා සිටින ප්‍රවීන රංගධර, සිනමාවේදී, ඉතිහාසඥ ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට අද (19) පෙරවරුවේ ගියේය.

    ජැක්සන් ඇන්තනී මහතා ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් කාමරය වෙත ගිය ජනාධිපතිවරයා ඒ මහතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් සොයා බැලූ අතර වෛද්‍යවරුන් සමග ඒ සම්බන්ධයෙන් විමසීමක් ද කළේය.

    අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයා හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා දැනට හිඟවී තිබෙන ඖෂධ පිළිබඳ විමසීමක් කළේය.

    හිඟ ඖෂධ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත්, රට පුරා ඖෂධ හිඟයෙන් පීඩාවට පත් රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් තිබෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

    ඉන් අනතුරුව ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ මුණගැසුණු රනිල් වික්‍රමසිංහ මහතා ඇන්තනී මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ අතර ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් යම් උපකාරයක් වෙතොත් නොපමාව තමන්ව දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

    වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා අධ්‍යාත්මික ආශිර්වාදය ද ඉතා වැදගත් බැවින් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද, ඊට සිය උපරිම සහාය ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා පවුලේ ඥාතීන් සමග පැවසීය.

    රෝහලින් පිටතට පැමිණි ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගේ සුව දුක් විමසීමට ද අමතක නොකළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. රෝගින්ට අවශ්‍ය ඖෂධ ලබා දෙන්න පියවර ගන්නවා කිව්වාට රෝහලට එලියට ඇවිත් අමතක වෙනවා. රෝහල් අධ්‍යක්ෂ වරුන් සහ රෝහල් ලේකම් වරුන් ලෝවටා ඉන්න් තානාපති වරුන්ට අවශ්‍ය ඖෂධ සහ රෝහල උපකරණ ඉල්ලමින් දැනුවත් කරන්න. පිටපතක් විතරයි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න කොමිස් නෙතු කිසිම දෙයක් වෙන්නේ නැහැ.
      කරුණාකරලා විදේශ රටවලින් ලැබෙන ආදාර ඖෂධ ඉල්ලන්න නිතරම බොරුවට නැහැ කියන්නේ නෙතුව.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img