Home උණුසුම් පුවත් කොළඹ කොටසකට පැය 10ක් වතුර නැතිවෙයි

කොළඹ කොටසකට පැය 10ක් වතුර නැතිවෙයි

කොළඹ කොටසකට පැය 10ක් වතුර නැතිවෙයි

පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල හෙට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

හෙට (20) රාත්‍රී 11 සිට අනිද්දා (21) උදෑසන 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙයි.

එම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here