තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ගොඩඑන ලකුණු ගැන කොළ එළි දැල්වෙයි

    රට ගොඩඑන ලකුණු ගැන කොළ එළි දැල්වෙයි

    ගෙවුණු කාලය තුළදී මෙරට ආර්ථිකයට බලපානු ලබන ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මගින් මේ වනවිට සාධනීය තතත්වයක් පෙන්නුම් කරන බව එහි අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඒ අනුව ආනයන වියදම් අඩුවීම, විදේශ ප්‍රේෂණ පැමිණීම, අපනයන ආදායම් ලැබීම, උද්ධමනය යම් ස්ථාවර මට්ටමකට පැමිණීම, විදේශ විනිමය හිඟය සමනය වීම, යනාදී යම් වර්ධනයක් පෙන්වා ඇතැයි ඔහු සඳහන් කරයි.

    ගෑස්, ඉන්ධන, අත්‍යයාවශ්‍ය ආහාර සපයා ගැනීමෙහි කිසියම් හැකියාවක් මේ තුළින් ලැබී ඇතැයි ද හෙතෙම කීය.

    ඉදිරියට ගමන් කරනවිට මූලික අවශ්‍යතා සඳහා කෙටි කාලීන ණය ලබානොගෙන කටයුතු කිරීමේ හැකියාවත් අත්‍යාවශ්‍ය රටේ මූලික වියදම් කළමනාකරණය කරගැනීමටත් හැකිවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

    එමෙන්ම උන්ඩීයල් වැනි නීතිවිරෝධී ක්‍රම මගින් මුදල් හුවමාරුව කිසියම් අඩුවීමක් මෙන්ම එවැනි ක්‍රම මගින් ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩුවී ඇති තත්ත්වයක් තුළ මෙරට බැංකු හරහා විදේශ ප්‍රේෂණ ලැබීම සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය වී ඇති බවත් මිල මට්ටම් ස්ථාවර වන බවත් උද්ධමනය වවැඩි මට්ටමකට පැවතියත් පාලනය වී ඇති බැවින් පොලී අනුපාතික ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොවූ බව ද මහබැංකු අධිපතිවරයා කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img