Home උණුසුම් පුවත් අද රෑ සිට ලොක්ඩවුන් වෙන ප්‍රදේශ

අද රෑ සිට ලොක්ඩවුන් වෙන ප්‍රදේශ

අද රෑ සිට ලොක්ඩවුන් වෙන ප්‍රදේශ

අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, කළුතර, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම මත එම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හුදකලා කිරීමට තීරණය කර ඇත.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here