මුල් පිටුව COVID දරුවන් අතර කොවිඩ් පැතිරයාමේ වර්ධනයක්

දරුවන් අතර කොවිඩ් පැතිරයාමේ වර්ධනයක්

0

කොවිඩ් ආසාදිතව රෝහල්ගතවන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ගෙවුණු ජූනි මාසයේදී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ ළමයින්ගේ සංඛ්‍යාව 3 කි.

එහෙත් ජූලි මාසය වන විට එම සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා පවසන්නේ වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දී නොමැති බැවින් ඔවුන් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

ඩෙංගු රෝගය ද මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. එ

බැවින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අතිශයින් වැදගත් ය.

මෙම රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට දරුවන්ට කියා දිය යුතු බව වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා අවධාරණය කර සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version