මුල් පිටුව උණුසුම් පුවත් කාලකෙට පස්සේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

කාලකෙට පස්සේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

0

මෙම මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයන් 17,000ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහතා සඳහන් කළේ මේවනවිට දෛනිකව සංචාරකයන් 1,600ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන බවයි.

ඒ අනුව දිගු කළකට පසුව සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් ඇතැයි ද ඇය සඳහන් කළේය.

ඉකුත් මැයි මාසයේදී දෛනික සංචාරකයන්ගේ පැමිණීම 650ක් දක්වා ඉතාම අවම අගයක පැවති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version