තවත්
    මුල් පිටුවදේශීය පුවත්මාතලෙන් හමුවුණු පිළිස්සුණු සිරුර මාළඹේ කොන්ත්‍රාත්කරුවෙකුගේද?

    මාතලෙන් හමුවුණු පිළිස්සුණු සිරුර මාළඹේ කොන්ත්‍රාත්කරුවෙකුගේද?

    මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත් 21 වෙනිදා හමුවූ පිලිස්සුනු ශරීර කොටස් මාලඹේ දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් වන රාජපක්ෂ මුදිියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකුගේ බවට සැකකරන තොරතුරු රැසක් පොලීසියට අද (26) වන විට ලැබී තිබේ.

    හතලිස් හයහැවරදි හැවරදි පුද්ගලයෙක් වන ඔහු යාල සෙල්වදාන පාරේ ස්ථීර පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කරයි.

    මෙම පුද්ගලයාට එරෙහිව නිවෙස් බිදුම් සහ සොරකම් සම්බන්දයෙන් වරෙන්තුවක්ද ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඊට අමතරව ඔහුට එරෙහිව වංචා චෝදනා සම්බන්ධයෙන්ද පැමිණිලි පොලීසිවල ලියැවී ඇතැයි හෙළිවී තිබේ.

    අවිවාහකයෙක් වන මේ පුද්ගලයාට පෙම්වතියන් දෙදෙනෙක් සිටින බවත් ඒ එක් පෙම්වතියක් පාර්ලිමේන්තුවේ සේවිකාවක් වන බවටත් අනෙත් පෙම්වතිය මහනුවර දන්තුරේ තැනැත්තියක් බවත් අනාවරණය වී ඇත.

    මෙම පුද්ගලයා පදිංචිව සිටි දාඹුගොල්ල නිවසින් පසුගි‍ය 18 වෙනිදා සවස කෑ ගසන හඩක් ඇසී ඇති අතර ඊට පැය කිහිපයකට පසු නිවසේ විදුලි පහන් නිවා දමා මෝටර් රථයක නැගී එම පුද්ගලයා නිවසින් බැහැව ගොස් ඇතැයි ආරක්ෂක කැමරා පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ. නැවතත් ඔහු නිවසට පැමිණ ඇත්තේ මැදියම් රැයේදී බවත් ඒ පැමිණ නැවත නිවසින් බැහැර යන අයුරුද අසල නිවසක කැමරාවක සටහන්ව තිබී ඇත.

    මාතලේ පොලීසියේ කණ්ඩායමක් එම නිවසට පැමිණ කළ පරීක්ෂාවේදී ලේ පැල්ලම් කිහහිපයක්ද නිවසින් සොයාගෙන ඇත. මේ පුද්ගලයා පරිහරණය කළ මෝටර් රථයද අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. එම මෝටර් රථයේද ලේ පැල්ලම් දකින්නට ඇතැයි පොලීසිය කියයි. එම මෝටර් රථය මෙම පුද්ගලයාගේ සහෝදරියගේ නමින් ලියාපදිංචි කළ එකක් බවද හෙළිවී ඇත.

    පිළිස්සුනු මළ සිරුරේ මුහුණ කොටසසක් සහ පාදයක් පමණක් ඉතිරිව තිබී ඇති අතර මුහුණද හදුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී තිබී ඇත. සැබෑ ලෙසම එසේ මිය ගොස් ඇත්තේ එම පුද්ගලයාමද යන්න ගැන තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කරන බව මාතලේ පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img