Home උණුසුම් පුවත් හලාවත ධීවරයෝ මහපාරට

හලාවත ධීවරයෝ මහපාරට

0
හලාවත ධීවරයෝ මහපාරට

සහන මිලට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින් හලාවත නගරය තුළ අද(16) දහවල් ධීවරයින් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කරන ලදි.

සහන මිලට ඉන්ධන ලැබෙන තුරු ආරම්භ කළ විරෝධතාවය අවසන් නොකරන බවද එම ධීවරයෝ පැවසූහ.

හලාවත සහ අවට ගම්මානවල පදිංචි ධීවරයින් 1000 ක් පමණ දෙනා සහ කතෝලික පුජකවරයකු ද විරෝධතාවයට එක්ව සිටියේය.

විරෝධතාවයට එක්ව සිටි පිරිස් විටින් විට නගර මැදින් ප්‍රධාන මර්ග අවහිර කිරීමට කටයුතු කරන ලදි.

මෙම හේතුව නිසා විකල්ප මාර්ග ඔස්සේ වාහන හරවා යැවීමටද පොලීසියට සිදු විය.

මාස 03 කට වැඩි කාලයක සිට රැකියා සදහා මුහුදු යාමට තමන්ට භූමිතෙල් නොලැබුණු බවත්,එම තත්ත්වය මත තම දරු පවුල් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටී.

මීට පෙර තමන්ට භූමිතෙල් ලීටරයක් ලැබුනේ රුපියල් 87 ක් වැනි මුදලකට බවත්,එම මුදලටම ඉන්ධන ලබා දීම කළ යුතු බවද ඔවුන් කියා සිටියේය.

නගරයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා සිටින ආකාරයද දක්නට ලැබුණි.

නගරය තුළ ඇති ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අට්ටාලයක්ද ඉදිකර ඇති අතර එහි රැදී සිටිමින් ධීවරයින් තම විරෝධතාවය කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here