Home දේශීය පුවත් දිස්ත්‍රික් තුනක පොලිස් වසම් 04 ක් අද රෑ සිට හුදෙකලා කරයි

දිස්ත්‍රික් තුනක පොලිස් වසම් 04 ක් අද රෑ සිට හුදෙකලා කරයි

0
දිස්ත්‍රික් තුනක පොලිස් වසම් 04 ක් අද රෑ සිට හුදෙකලා කරයි

ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් තුනේ පොලිස් වසම් 04 ක ග්‍රාමසේවා වසම් රැසක් අද (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.

ගම්පහ දිස්ත්‍රිික්කයේ කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී කොට්ඨාසත් මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසත් හුදෙකලා කරනු ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ මිරිස්වත්ත සහ පැලවත්ත උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාසත් හුදෙකලා කරනු ලැබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ පූම්පුහාර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙන ප්‍රදේශයට අයත්ය.

මෙයට අමතරව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කරන බවද කොවිඩ් 19 මර්දන කාර්ය සාදන බලකාය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here