Home උණුසුම් පුවත් කතකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට

කතකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට

0
කතකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයකට ගොඩවුණු කාන්තාවක් එල්ලකළ පා පහරකින් කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබුණු බස් රථයෙන් පිටතට විසිවී තුවාල ලබා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම සිදුවීම අද සවස් කාලයේ සිදුව ඇත්තේ කඩවත ප්‍රදේශයෙන් බසය ධාවනය වෙමින් තිබියදීය.

මෙම කාන්තාව බස් රථයට ගොඩවී ඇත්තේ කිරිබත්ගොඩිනි. ඇය කොන්දොස්තරට පහරදී ඇත්තේ ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා ලෙස ඇයට පැවසීම නිසා උරණවය.

එසේ කොන්දොස්තරට පහරදුන් කාන්තාව බසයේ සිටි මඟීන් විසින් අල්ලා කඩවත පොලීසියට භාරදී තිබේ.

අනාවරණය වී ඇත්තේ කොන්දොස්තරට පහරදුන් කාන්තාව 34 හැවරදි වියේ පසුවන්නියක් බවත් ඇය මානසික අබාධයකින් පෙළෙන්නියක් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here