තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උණවටුනේ කපුවාගේ වත්කම් ගැනත් සී.අයි.ඩී.ය සොයයි

    උණවටුනේ කපුවාගේ වත්කම් ගැනත් සී.අයි.ඩී.ය සොයයි

    සිය පහත් ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට පිරිමි දරුවන් රැසක් බිලිගත් උණවටුනේ දේවාලයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අසාමාන්‍ය ලෙස ඔහු සතුව දේපොල තිබෙන බව විමර්ශනවලින් පෙනීගොස් ඇති බැවිනි.

    නානකාමර, ඇදන් සහිත සුඛෝපභෝගී බස් රථයක්, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක්, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙකක්, ඩිපෙන්ඩර් වර්ගයේ රථ දෙකක් ඇතුළු රථවාහන රැසක් ඔහු සතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් හෙළිකරගෙන තිබේ.

    ඊට අමතරව ඔහුට අතුරුගිරියේ සුවිසල් නිවසක්, විලා දෙකක් මෙන්ම දකුණේ හෝටල් කිහිපයක් ඇතැයිද පෙනී ගොස් ඇත.

    මෙම දේවගැතිවරයාගේ අතේ කරේද කෝටි ගානක් වටිනා රන් ඇති බවද අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් නිරීක්ෂණයකර තිබේ.

    එසේ පෙනෙන්නට ඇති දේපොලවල වටිනාකම දළ වශයෙන් කෝටි 100 ක් ඉක්මවයනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම දේපලවලට අමතරව තවත් සැඟවුණු දේපොල මෙන්ම බැංකුවලද මුදල් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

    මෙම දේපොල ඔහු උපයාගෙන ඇත්තේ ඉතා කෙටි කලක් තුළය. මෙම දේපොල සම්බන්ධයෙන් සහ ඔහුගේ ආදායම් මාර්ගයන් වෙනුවෙන් බදු ගෙවා තිබේදැයි සොයා බලමින් මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    එම විමර්ශනයේදී ඔහු එම දේපොල නීත්‍යානූකූළ මාර්ගයෙන් උපයාගත් ආකාරය ඔහුට සනාථ කිරීමට නොහැකි වුවහොත් එම දේපොල තහනම් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img