Home උණුසුම් පුවත් නොරොච්චෝලේ හදන්න සති 2ක් වත් යාවි

නොරොච්චෝලේ හදන්න සති 2ක් වත් යාවි

නොරොච්චෝලේ හදන්න සති 2ක් වත් යාවි

අද වන විට බිඳවැටීමකට ලක් වූ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති දෙකක් පමණ කාලයක් ගත විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

දෙවන ජනන යන්ත්‍රයද අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු කෙරෙමින් පවතින බැවින් මෙම කරුණු දෙක හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන මෙගා වොට් ගණන 540 කි.

මේ හේතුවෙන් හෙට(16) සිට නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටුණු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් රටපුරා දෛනික විදුලි සැපයුම පැය තුනක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවන බවද ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here