බාදුරාගොඩ ඉන්ධන පිරවුම්හලේ QR කේතය පරීක්ෂාකරමින් සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරිනියකට හෙල්මට්ටුවකින් පහරදී පළාගොස් සැඟවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තරංග ජයසිංහ මහතාව පල්ලෙවෙල පොලීසියේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවය.
මෙම පහරදීම සිදුවන්නේ ඉකුත් 13 වෙනිදාය. ඒ මන්ත්‍රීවරයා සිය යතුරු පැදියෙන් පැමිණ ඉන්ධන පිරවීමට සූදානම් වූ අවස්ථාවේදීය. එහිදී කිව්.ආර්. කේතය පරීක්ෂා කිරීමට එදින සේවයේ නිරතව සිට ඇත්තේ ඇයයි. මන්ත්‍රීවරයා ඇය සමඟ බහින්බස් වීමක නිරත වීමෙන් අනතුරුව පහරදීම සිදුව ඇත. ඒ බව පිරවුම්හලේ ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබී ඇත.
සැකකාර මන්ත්‍රීවරයාව අද සවස අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශාරීර ඇප දෙකක් මත මුදාහර තිබේ.