Home උණුසුම් පුවත් වියදම් පාලනය ගැන ජනපතිගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක්

වියදම් පාලනය ගැන ජනපතිගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක්

වියදම් පාලනය ගැන ජනපතිගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක්

 

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දින යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව, ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එම චක්‍රලේඛය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here