Home උණුසුම් පුවත් ‘හරක් කටා’ ඩුබායි අත්අඩංගුවේ සිටින බව නිල නොවන මට්ටමින් තහවුරු කෙරේ

‘හරක් කටා’ ඩුබායි අත්අඩංගුවේ සිටින බව නිල නොවන මට්ටමින් තහවුරු කෙරේ

0
‘හරක් කටා’ ඩුබායි අත්අඩංගුවේ සිටින බව නිල නොවන මට්ටමින් තහවුරු කෙරේ

මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හරක් කටා නැමැති පාතාලයේ ප්‍රබලයා ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින බව නිල නොවන මට්ටමින් මේ වන විට මෙරටට තහවුරුකර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ජාත්‍යන්තර පොලිසියේ මෙරට ශාඛාව විසින් එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඩුබායි පොලීසියෙන් මේ වන විටත් විමසා ඇත. ඒ නිල වශයෙන් තොරතුරු දැන ගැනීම සඳහාය.

නිල තොරතුරු හුවමාරුවේදී කෙරන තහවුරු කිරීමෙන් පසු ඔහුව මෙරටට භාර ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කල විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි සිට මලයාසියාවට ගමන් කිරීමට ඩුබායි ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී හරක් කටා අත්අඩංගුවට පත්වූ බවට වූ තහවුරු කිරීම් සිදුවී අති බව සඳහන්ය. ඒ මෙම වැටලීමට සම්බන්ධ වූ මත්කුඩු ජාවාම්වලට එරෙහිව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ඒජන්සි වලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here