Home උණුසුම් පුවත් පොලිස් ස්ථානාධිපති ආධුනික නිලධාරිනියව දූෂණය කර පලායයි

පොලිස් ස්ථානාධිපති ආධුනික නිලධාරිනියව දූෂණය කර පලායයි

0
පොලිස් ස්ථානාධිපති ආධුනික නිලධාරිනියව දූෂණය කර පලායයි

ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශන ආරම්භකර තිබේ.

සෙවනගල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින 21 වියැති කොස්තාපල්වරියක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා තමාව දූෂණය කළ බවට කළ පැමිණිල්මත මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

ඒ අනුව විමර්ශන පැවැත්වීමට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් ස්ථානයට ඊයේ ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම නිවාඩු දමා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ළමා හා කාන්තා කාර්යාංශයේ තොරතුරු සඳහන් කරන්නේ තමාට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් වූ හිරිහැර මෙන්ම දූෂණය කිරීම් සම්බන්ධයෙන් ඇය පැහැදිලි ප්‍රකාශයක් ලබාදී ඇති බවය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ළමා හා කාන්තා කාර්යාංශ තොරුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here