Home උණුසුම් පුවත් ඇමති දියණියගේ ලක්ෂ 25ක මුද්ද හමුවෙයි

ඇමති දියණියගේ ලක්ෂ 25ක මුද්ද හමුවෙයි

1
ඇමති දියණියගේ ලක්ෂ 25ක මුද්ද හමුවෙයි

යාල වනෝද්‍යානයේ පිහිටි හෝටලයකදී සොරා ගැනීමකට ලක්වූ අමාත්‍යවරයෙකුගේ දියණියකගේ රුපියල් ලක්ෂ 25ක් වටිනා මුදුව අද අළුයම් කාලය වන විට සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පැමිණිල්ල පොලීසියට ලැබීඇත්තේ ඊයේ සවස දුරකතනයෙනි. එතැන් සිට පොලීසිය රැය නොනිදා විමර්ශන පවත්වා අද අළුයම මුද්ද සොයාගෙන ඇත්තේ හෝටලයේ ඉදිකිරීම් කටයුත්තක නිරතවූ පෙදරේරුවෙකු ළඟ තිබියදීය.

එම පෙදරේරුවා සිය ඇඳේ මෙට්ටයක් යට එම මුද්ද තබාගෙන සිට ඇති අතර ඔහු එය රැගෙන අද උදෑසනම හෝටලයෙන් පිටත්ව සිය ගම්පලාත වූ මොණරාගල යාමට සූදානමින් සිට ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමා හෝටලයේ වැසිකිලිය පිහිටි ප්‍රදේශයෙන් ගමන් කිරීමේදී බැම්මක් උඩ යමක් දිලිසෙමින් තිබෙනු දුටු බවය. ඒ අනුව තමා එය ගැන විපරම් කිරීමේදී එය එය මුද්දක් බව දුටු බවත් හිමිකරුවෙක් නොසිටි බැවින් එය තමා එතැනින් අරගත් බවත් ඔහු පවසා තිබේ.

පොලීසිය මුලින්ම මෙම සොරකමට සැකරනු ලැබුවේ හෝටලයේ කළමනාකරු සහ කාමර සේවකයෙකි. ඔවුන් දෙදෙනාව අල්ලාගෙන ගොස් පැය ගානක් පොලීසියේ තබාගෙන ප්‍රශ්න කරනු ලැබීය. අනතුරුව ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂකර එහිදී එම වැසිකිලිය පිහිටි ප්‍රදේශයට ගමන් කළ පෙදරේරුවාව හදුනාගෙන ඔහුව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර ඇත්තේ අලුයම 1.00ට පමණය.

දුරකතනයෙන් ලද මුල් තොරතුරට අනුව පොලීසිය වහාම යාල හෝටලයට පැමිණ පැමිළිල්ලත් එහිදීම සටහන්කර ගනිමින් පැය ගානක් ඇතුලත විමර්ශන අවසන්කරනුයේ මුද්දත් සොයා ගනිමිනි.

Photo – File photo

1 COMMENT

  1. කෙතරම් දක්ෂ ශ්‍රී ලංකා පොලීසිය සුබ පතනවා.
    දේශපාලකයෝ කරුණාකර වැරදි ලෙස භාවිතා කිරීමෙන් වළකින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here