මුල් පිටුව උණුසුම් පුවත් නිකිණි පොහොය අදයි

නිකිණි පොහොය අදයි

0

නිකිනි පුර පසළොස්වක පොහොය අදයි.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිනි පුන් ‍පොහෝ දිනයේ දී පසුවස් එළැඹීම සිදු කෙරේ.

සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණේ අද වැනි පොහෝ දිනකදීය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ රහත් බව ලබා ඇත්තේ ද අදවන් දිනකදීය.

මෙවර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වීම ද අද දින සිදුකිරීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version