තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මහින්දෙ මල්ලිලා ගැන ආඩම්බරයෙන් මාලිංග තැබූ සටහන

    මහින්දෙ මල්ලිලා ගැන ආඩම්බරයෙන් මාලිංග තැබූ සටහන

    කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කළ ගාල්ල මහින්ද විද්‍යාලය අවුරුදු 19 පහළ පළමු කොටසේ බී කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (25) සවස සමත්විය.

    මෙවර තරගාවලිය ආරම්භයේ පටන් අවස්ථා කිහිපයක දී මහින්ද විද්‍යාලයීය 19 පහළ කණ්ඩායමට සිය විශේෂඥ දැනුම බෙදා දීමට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කළේය.

    ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවන ලසිත් මාලිංග තමන්ට විවේකයක් ලද සෑම මොහොතකම මෙසේ මහින්ද විද්‍යාලට පැමිණ තරුණ ක්‍රීඩකයන්ට මග පෙන්වයි.

    ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ උපදෙස් හා මගපෙන්වීම් ලැබීම හේතුවෙන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ආත්ම විශ්වාසය මේ වන්විට දෙගුණ තෙගුණ වී තිබේ.

    මහින්ද විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ධනුෂ්ක දෙනගම කටයුතු කරන අතර ඔහු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දායාද කර තිබේ.

    ලසිත් මාලිංග පසුගිය දා සිය නිල ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයක් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටින තමන් මෙතෙක් රැස්කරගත් අත්දැකීම් හා දැනුම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීමට වෙහෙසෙන දෙමාපිය වැඩිහිටියන් සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

    එම කටයුත්ත මහින්දයෙන් ආරම්භ කළ ලසිත් මාලිංගට, ප්‍රතිඵලවලින් පිළිතුරු සැපයීමට මහින්ද ක්‍රීඩකයෝ ඊයේ දිනයේ සමත් වූහ.

    අවසන් පූර්ව තරගයට පෙර මහින්දෙ මල්ලිලාට ආත්ම ශක්තියක් වෙමින් මග පෙන්වූ ලසිත් මාලිංග, තරගය අවසානයේ සිය නිල වෙබ් පිටුවේ ඔවුන්ට සුබ පතමින් අපූරු සටහනක් තබා තිබිණි.

    හදවතින්ම ආඩම්බරයි. අවසන් තරගයට සුබ පැතුම් යැයි සඳහන් කරමින් මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කළ ලසිත් මාලිංග ආනගත ක්‍රිකට් ලොව ජයගැනීමට වෙහෙසෙන මහින්ද ක්‍රීඩකයන් පිළිබඳ අතිශය සතුටට පත්වෙමින් තැබූ Facebook සටහන මෙසේය.

    Well done boys !! I am absolutely thrilled. Good luck with the final match. This is what I expected for the kids, from the beginning of the season. It is a great pleasure to guide you and I am thankful for this opportunity.
    -Before the match @Thurstan Grounds. Mahinda College
    හදවතින්ම ආඩම්බරයි . අවසන් තරගය සඳහා සුබ පැතුම්. 🦁
    #LasithMalinga #InspireAGeneration #99

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img