Home උණුසුම් පුවත් සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමිට – උසාවිය තහවුරු කරයි

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමිට – උසාවිය තහවුරු කරයි

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමිට – උසාවිය තහවුරු කරයි

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට බව කොළඹ දිසා අධිකරණය තහවුරු කර තිබේ.

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් විභාග විය.

එහිදී කොළඹ දිසා විනිසුරුවරිය විසින් අළුදෙණියේ සුබෝධි හිමියන් එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පෙනීසිටීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ක්ෂේප කරමින් ඒ සම්බන්ධව වූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු විධායක සභාව විසින් එම විහාරයේ විහාරාධිපති ලෙස කොටපොළ අමරකිත්ති හිමියන් පත්කිරිම සම්බන්ධව වූ තීරණයට එරෙහිව වූ වාරණ නියෝගය ද විසුරුවා හරින ලදි.

කොටපොළ අමරකිත්ති හිමියන්ගේ පත්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ද පිළිගෙන ඇත.

උන්වහන්සේ, සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩසිටි දඹගස්ආරේ සුමේධාලංකාර හා සේරුවිල සරණකිත්ති හිමිවරුන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි.

කොටපොළ අමරකිත්ති හිමියන් දැනට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරති.

උන්වහන්සේ සුප්‍රසිද්ධ අනුරාධපුර පිච්චමල් පූජාවේ නිර්මාතෘ ද වේ.

නිකායේ මහනායක හිමියන්, සංඝ සභාව හා කොටපොළ අමරකිත්ති හිමියන් වෙනුවෙන් නීතිඥ සඳමාලි රත්නායක, ධරණී වීරසිංහ, චතුර ගල්කේන, සඳුත් ගමගේ හා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන නීතිඥ මණ්ඩලය පෙනී සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here