Home උණුසුම් පුවත් දික්ඕවිට වෙරළින් හමුවූ ගෝනියක දැමූ මළ සිරුර විදේශිකයෙකුගේ දැයි සැකයක්

දික්ඕවිට වෙරළින් හමුවූ ගෝනියක දැමූ මළ සිරුර විදේශිකයෙකුගේ දැයි සැකයක්

0
දික්ඕවිට වෙරළින් හමුවූ ගෝනියක දැමූ මළ සිරුර විදේශිකයෙකුගේ දැයි සැකයක්

වත්තල දික්ඕවිට ධිවර වරායේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් ගෝනියක දැමූ මළ සිරුර විදේශිකයෙකුගේ යැයි සැකයක් මතුවී තිබේ.

එම සිරුර පරීක්ෂා කිරීමේදී මිය ගොස් සිටි පුද්ගලයාගේ හැඩරුව, ඔහු හැද සිටි ඇදුම්වල ඇති සටහන් සහ ඔහුව බහා තිබුණු ගෝනියේ සලකුණු සියල්ල සැළකිල්ලට ගෙන මෙම නිගමනයට එළ ඇත්තේ පොලීසිය සහ අධිකරණ වෛද්‍යවරු එක්වය.

එහෙත් නිෂ්චිත ලෙස එය තහවුරුකර නොමැති අතර පවතින්නේ සැකයක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සැකය වී ඇත්තේ එම පුද්ගලයා පිලිපීන ජාතිකයෙක් විය හැකි බවය.

එම මළ සිරුර වෙරළින් හමුවී ඇත්තේ ඉකුත් 05 වෙනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here