තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ ප්‍රතිප්‍රහාර ස්වෛරීභාවය රකින මාර්ගයක් බව චීන රජය කියයි

    චීනයේ ප්‍රතිප්‍රහාර ස්වෛරීභාවය රකින මාර්ගයක් බව චීන රජය කියයි

    ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා නැන්සි පෙලොසිගේ චීන තායිවාන සංචාරයට එරෙහිව, චීනය එල්ලකර ඇති ප්‍රතිප්‍රහාර, ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව නීත්‍යනුකූලව සුරැකීමේ ක්‍රියාමාර්ගයක් බව චීනය කියාසිටී.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.
    වත්මන් තත්වය සම්පූර්ණයෙන්ම Pelosi සහ ඇමරිකානු දේශපාලනඥයන් විසින් ඇතිකරන ලද්දක් බව ඇය කියාසිටී. තායිවාන ප්‍රශ්නය, චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට සම්බන්ධ වැදගත් ප්‍රතිපත්තිමය කරුණකි.

    චීනයේ මෙම ප්‍රතිප්‍රහාර ප්‍රකෝප කරන්නන්ට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරැකීමේ නීත්‍යනුකූල පියවරක් බව ද Hua Chunying මහත්මිය පෙන්වාදෙයි. චීනයේ අදාළ ක්‍රියාමාර්ගය, කලාපීය සාමය සහ ස්ථාවරත්වය මෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්  ස්ථිරව ආරක්ෂා කිරීමක් වන බව ද ඇය සඳහන් කළාය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img