Home උණුසුම් පුවත් රජගෙදරින් හමුවූ මිලියන 178ක් පොලිස් ඇමතිට දෙන්න දේශබන්දු කළ බලපෑම අධිකරණයේ දිගහැරේ

රජගෙදරින් හමුවූ මිලියන 178ක් පොලිස් ඇමතිට දෙන්න දේශබන්දු කළ බලපෑම අධිකරණයේ දිගහැරේ

0
රජගෙදරින් හමුවූ මිලියන 178ක් පොලිස් ඇමතිට  දෙන්න දේශබන්දු කළ බලපෑම අධිකරණයේ දිගහැරේ

අරගලකරුවන් විසින් ඉකුත් ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු හමුවූ මිලියන 178ක මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට දුරකතන ඇමතුමක් දෙමින් දන්වා ඇතැයි විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂමට සහ දුරකතන සමාගම් දෙකකට නියෝගයක් නිකුත් කරනුයේ අදාල දුරකතන ඇමතුමට අදාල හඬ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත ලබාදෙන ලෙසටය.

මෙම දුරකතන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා සහය වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයාට නියෝගයක්ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නිකුත් කරනු ලැබීය.

මෙකී දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් සටහනක් තබා තිබී ඇති අතර එම සටහන් වාර්තාද අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ අල්මාරියක තිබී සොයාගත් එම මුදල් තොගය පොලීසියට භාරදීමෙන් පසු එය ඇමතිවරයෙකුට භාරදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම්කර ඇති බව මුලින්ම රටට හෙළිකරනු ලැබුවේ newswave ය.

එම newswave පුවත ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ විශේෂ අවධානයක්ද යොමු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here