ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස, වන්මන් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරය හොබවන පී. ඒ. ජයකාන්ත මහතා කැබිනට් මණ්ඩලය විසින් පත්කොට ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර ගණනාවක් සේවය කරමින් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ඇති නව අධ්‍යක්ෂ ජනරාල්වරයා, 2004 වසරේ දී සිවිල් ගුවන්සේවා පරික්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට එක්වූ අතර ගුවන්සේවා ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන්සේවා ආරක්ෂක රෙගුලාසි) තනතුර දක්වා ද උසස්වීම් ලැබ වත්මන් තනතුරට පත්වන තෙක් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ ය.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් තෝරා පත් කරනු ලබන සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ඒ මහතා මෙම විද්වත් විගණන පරීක්ෂක මණ්ඩලයට පත් වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ද වෙයි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් සාමාජික රටවල සිවිල් ගුවන්සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන ගනනාවකට සම්බන්ධ වී ඇති ඒ මහතා ඒ තුලින් ලබාගත් අත්දැකීම් හා සිය දැනුම් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය තකා අඛණ්ඩව ලබා දෙමින් සිටී.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණනයන් හි තත්වය ඉහළ දැමීමට හැකියාව ලැබී ඇත.
මෙයට අමතරව කොවිඩ්-19 රෝග වසංගතය හමුවේ ගුවන්තොටුපොළට අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදීමටත්, ගුවන්යානා පැහැරගැනීම් අවස්ථාවලදි ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සඳහා වූ පුහුණු නිළධාරීන් කණ්ඩායමක් ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව සහතික කිරීමට පුරෝගාමීව කටයුතු කර ඇත.
එමෙන්ම සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ද එතුමන් පුරෝගාමී මෙහෙවරක නිරතව ඇත.