Home උණුසුම් පුවත් අරගලකරුවන් මර්දනය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු කම්පා වෙති

අරගලකරුවන් මර්දනය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු කම්පා වෙති

අරගලකරුවන් මර්දනය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු කම්පා වෙති

වික්‍රමසිංහ-පොහොට්ටු ආණ්ඩුව විසින් අරගලකරුවන් මත මුදා හරින ලද දැවැන්ත මර්දනය පිළිබඳව කම්පා වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

අවිහිංසාවාදී අරගල ව්‍යාපාරයක් මෙහෙය වූ ශ්‍රී ලාංකීය සමාජයේ සෑම අංශයක්ම නියෝජනය කළ නිර්භීත තරුණයන් වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවද එම සම්මේලනයේ සඳහන් කරයි.

ආණ්ඩුවේ මෙම මර්දන ව්‍යාපාරය 87-89 කාල පරිච්ඡේදයේ පැවති භීෂණයට සමාන වන බව ද එම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවසීය.

පට්ට අපි එම නිසා අරගලය ආරක්ෂා කිරීමටත් අරගල නායකයින් ආරක්ෂා කිරීමටත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉදිරියේදී මැදිහත්වීම් රැසක් සිදුකරන බවද රොහාන් ලක්සිරි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here