තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පසඳ යාපා අබේවර්ධන සතොස සභාපති පුටුවට

    පසඳ යාපා අබේවර්ධන සතොස සභාපති පුටුවට

    ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා අද දින වැඩ භාරගෙන තිබේ.

    ලංකා සතොස මුලස්ථාන ගොඩනැගිල්ලේදී අද දින උත්සවවලින් තොරව මේ අවස්ථාව සිදුවිය.

    මාතර රාහුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයේ ද්වීතික අධ්‍යාපනය ලබා ඇති ඔහු ඔස්ට්‍රලියාවේ RMIT විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකාර ඩිප්ලෝමාවක් , වෘත්තීය ගිණුම්කරණ උපාධියක් , ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උසස් උපාධියක් ලබා ඇති අතර වර්ථමානයේ මානව සම්පත් පරිපාලනය පිලිබඳ ආචාර්‍ය උපාධියේ අවසන් අදියර හදාරමින් සිටී.

    මේස පන්දු ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රීලංකා වර්ණ ලාභියෙකුද වන ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ මේසපන්දු ක්‍රීඩා නායකයා ලෙසද ශ්‍රී ලංකා මේසපන්දු ශ්‍රේණිගතකිරීම්වල මුල් තැන වසර කිහිපයකදීම ජයග්‍රහණය කොට ඇත.

    පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතන කීපයක ව්‍යාපාර සංවර්ධන උපදේශකවරයා ලෙසත් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img