Home උණුසුම් පුවත් අලුත් වාර්තා රැසක් තැබූ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය

අලුත් වාර්තා රැසක් තැබූ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය

අලුත් වාර්තා රැසක් තැබූ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය

නව යුද්ධ හමුදා තරග වාර්තාවක්, ස්වේච්ඡා බලකා තරග වාර්තා 15ක් සහ ආධුනික මළල ක්‍රීඩා වාර්තා 11 ක් අලුතින් වාර්තා තබමින් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා, පැරා සහ ස්වේච්ඡා බලකා මළල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උලෙළ ඊයේ (04) පැවැත්විණ.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ය.

මෙම තරගාවලිය මෙවර පැවැත්වූයේ 23 වන වරට වන අතර පැරා ක්‍රීඩකයන් 229ක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1420 දෙනෙකු තරග ඉසව් 61 යටතේ තරග වදින ලදී.

මෙහිදී විශිෂ්ඨතම පැරා මලල ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඉන්දික ශූරතාවය ලබාගත් අතර , පිරිමි ජවන සහ පිටිය අභියෝගතා කුසලානය ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් ජයග්‍රහණය කරන ලදී.

මළල ක්‍රීඩා පැරා සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ජයග්‍රහණය කරන ලද අතර, ස්වෙච්ඡා බලසේනාව මළල ක්‍රීඩා ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ද, මෙම තරගාවලියේ අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකාය විසින්ද ජයග්‍රහණය කරන ලදී .

යුද්ධ හමුදාපතිවරයාගේ ස්ංකල්පයකට අනූව පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 69 වෙනුවෙන් වව්චරපත් ප්‍රධාන කිරීමක් ද යුද්ධ හමුදාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here