Home උණුසුම් පුවත් නවසීලන්ත මහකොමසාරිස් – විපක්ෂ නායක අතර හමුවක්

නවසීලන්ත මහකොමසාරිස් – විපක්ෂ නායක අතර හමුවක්

නවසීලන්ත මහකොමසාරිස් – විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් නවසීලන්ත රජයේ සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවසීලන්ත රජයෙන් අද ඉල්ලීමක් කර තිබේ.

ඒ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්, නියෝජ්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවූ හමුවේදී ය.

ද්විපාර්ශ්වීය වශයෙන් වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානයට යොමු වී ඇත.

විශේෂයෙන්ම ආර්ථික, සෞඛ්‍යය, ක්ෂේත්‍රයන්හි වර්ධනය වෙනුවෙන් ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටක් ලෙස නවසීලන්තයෙන් ලබා දිය හැකි දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන මිත්‍ර සම්බන්ධතාවය පිළිබඳව ද සිහිපත් කළේය.

ඒ පිළිබඳව සිය සුබවාදී ප්‍රතිචාර දැක්වූ නවසිලන්ත තානාපතිවරයා, ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් සිය රජයේ පූර්ණ සහයෝගය හිමිවන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here