රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරියෙක් වන ධානිස් අලී නැමැති සැකකරු බන්ධනාගාරය තුළ ජංගම දුරකතනයක් භාවිතා කර හසුවීම හේතුවෙන් ඔහුට දින 14ක සිර දඩුවමක් නියම කර තිබේ.
රූපවාහිනී සංස්ථා පරීශ්‍රයට ඉකුත් ජූලි 09 වෙනිදා කඩා වැදී කාර්ය මණ්ඩලය බිය ගන්වා සජිවී වැඩසටහනකට සම්බන්ධ වීමක් ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ලවී තිබුණු.
ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ ඩුබායි බලා යාමට සූදානමින් ගුවන් යානය තුළ රැදී සිටියදීය. ඒ අධිකරණයෙන් ලද වරෙන්තුවකට අනුවය.
ඉකුත් 27 වෙනිදා කොටුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන්නේ රූපවාහිනී සංස්ථාවට අයුතු ඇතුළුවීමේ සහ විකාශන කටයුතුවලට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙනි.
මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි මෙම සැකකරු බන්ධනාගාර නීති රීතිවලට පටහැනිව ජංගම දුරකතනයක් ළග තබාගෙන අසුවූ බවත් ඒ අනුව ඔහුව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කළ බවත් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
අනතුරුව ඔහුව කොළඹ අතිරේක දිසා විනිසුරු ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් බැවින් දින 14ක සිරදඩුවමක් නියම කරමින් වැලිකඩ බන්ධනාගාරයට ඔහුව මාරුකර තිබේ.