Home දේශීය පුවත් මහින්දයේ මිහිඳු පෙරහර විචිත්‍රවත්ව වීථි සංචාරය කරයි

මහින්දයේ මිහිඳු පෙරහර විචිත්‍රවත්ව වීථි සංචාරය කරයි

මහින්දයේ මිහිඳු පෙරහර විචිත්‍රවත්ව වීථි  සංචාරය කරයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන මිහිඳු පෙරහර 2022 අද (04) දින වීථි සංචාරය කෙරණි.

විචිත්‍රවත් නර්තන අංග රැසකින් සමන්විත වූ මිහිඳු පෙරහර නැරඹීමට ගාල්ල නගරය අවට ජනතාව එක්රොක්ව සිටියහ.

බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවතින පෙරහර චාරිත්‍රය මනා කොට පිළිඹිබු කරමින් කුඩා මිහිඳු දරුවන් පෙරහර සිරියෙන් ගාලු බොදු හදවත් පුබුදුවාලීම මෙහි විශේෂත්වයකි.

විදුහල්පති අතුල විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි, ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය, දෙමාපියන් හා සිසු දරුවෝ මෙම පෙරහර සංවිධානයට දායක වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here