Home දේශීය පුවත් දියවන්නාවට වැටුණු මැති සබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානාව ගොඩගනී

දියවන්නාවට වැටුණු මැති සබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානාව ගොඩගනී

0
දියවන්නාවට වැටුණු මැති සබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානාව ගොඩගනී

ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව විසින් ගුවන් ගතකර තිබුණු ඩ්‍රෝන යානාවක් ඊයේ දියවන්නාවට කඩා වැටී ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙනි.

එම යානාව සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා ඊයේ සිට මෙහෙයුමක් දියත් කරනු ලැබීය. ඒ අනුව අද එම යානාව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබේ.

මෙම යානය හමුවී ඇත්තේ පාලම් තුන ආසන්න ප්‍රදේශයේ ගිලී තිබියදීය.

පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන අවස්ථාවන් වලදී ගුවන් හමුදාව ආරක්ෂක පියවර ලෙස ඩ්‍රෝන යානා කිහිපයක්ම ගුවන් ගත කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here