අරගලය ආරම්භයේ සිටම ක්‍රියාකාරීව සිටි කොස්වත්තේ මහානාම හිමියන්ව අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඉකුත් ජුනි 09 වෙනිදා පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී අද පැවති අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අරගලකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට සහභාගිවී ඉන් පිටතට පැමිණ ගමන් කරමින් සිටියදී උන්වහන්සේ අත්අඩංගුවට ගත් බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම සාකච්ඡාවට දේශපාලන පක්ෂ නියෝජිතයන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ අරගලයේ ක්‍රියාකාරිකයන් සහභාගිවී සිට ඇත.
උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුලපන පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේව රැගෙන විත් ඇත්තේ කුරුදුවත්ත පොලිීසියටය. හෙට දිනයේ උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.