Home දේශීය පුවත් සංස්ථාවේ ලොක්කන්ගේ සහයෙන් බවුසර් පිටින් ඉන්ධන කළුකඩේට විකුණන ජාවාරමක් අල්ලයි

සංස්ථාවේ ලොක්කන්ගේ සහයෙන් බවුසර් පිටින් ඉන්ධන කළුකඩේට විකුණන ජාවාරමක් අල්ලයි

0
සංස්ථාවේ ලොක්කන්ගේ සහයෙන් බවුසර් පිටින්  ඉන්ධන කළුකඩේට විකුණන ජාවාරමක් අල්ලයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කටුනායක නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලාවලට බව සඳහන්කරමින් පිටකරන ඉන්ධන තොග බවුසර් පිටින් අලෙවි කරන ජාවාරමක් හෙළිකර ගනිමින් අලෙවිකිරීමට වටරැකට රැගෙන පැමිණි ඩීසල් ලීටර් 6600ක් අඩංගු බවුසරයක් සමඟ සිව් දෙනෙක් මීගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉන්ධන වංචාව ගැන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ගැනුම්කරු වෙක් ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම වටලා තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා පෙනී සිට ඇත්තේ ඇගළුම්කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් ලෙසිණි. එහිදී ජාවාරම්කරුවන් කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමටද පැමිණ ඇති අතර එහිදී ඔහු කර්මාන්ත ශාලාවක්ද පෙන්වා ඇත.

ඉන්ධන ලීටරය රුපියල් 900 බැගින් මෙහිදී අලෙවි කිරීමට ඔවුන් සූදානම් වී තිබේ.

තැරුව්කරුවන් දෙදෙනා ලංකාවේ සමාගම් දෙකක අලෙවි කළමනාකරුවන් දෙදෙනෙකි. සෙසු දෙදෙනා බවුසරයේ රියදුරු සහ රිය සහයකවරයාය.

එම බවුසරය ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකට අයත් බවත් එම බවුසරය ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

දිගින් දිගටම මෙම පිරිස බවුසර් පිටින් ඉන්ධන අලෙවිකර ඇති බවද හෙළිවී තිබේ.

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේද සහය මෙම වංචාවට ඇති බවය. ඒ අය සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here