ජනාධිපති මන්දිරයට ඉකුත් ජුලී 09 වෙනිදා කඩා වැදී ජනාධිපති මන්දිරයේ ඇති ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවේ හිද සෙල්ෆියක් ගෙන එය මුහුණු පොත ඔස්සේ හුවමාරුකළ තරුණයෙකුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණයා වයස අවුරුදු 28 ක් වන දැරණියගල සමන්පුරගම පදිංචිකරුවෙකි.