Home උණුසුම් පුවත් රුපියල් 10කින් ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ

රුපියල් 10කින් ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ

රුපියල් 10කින් ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ

අඩුකර ඇති ඩීසල් මිලට සාපේක්ෂව බස්ගාස්තු අඩුකළ නොහැකි බව බස් සංගම් පවසයි.

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරන්නේ මිල සූත්‍රයට අනුව බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4ට වඩා අඩුවිය යුතු බවයි.

එමෙන්ම ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ අඩුවී ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු සුළු ප්‍රතිශතයකින් අඩු කළ හැකි බවයි.

එහෙත් එම සහනය මගීන්ට ලබාදීම ප්‍රායෝගිකව අපහසු බවද ඔහු පවසයි.

කෙසේවෙතත් අඩුවූ ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් කළ හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here