Home උණුසුම් පුවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

0
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් අද සවස මුල්ලේරියාව බැංකුව හංදියේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහුට අයත් ඉදිකිරීම් බිමක රැදී සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ප්‍රාදේශීය සභාවේ හිටිපු උප සභාපතිවරයාද වන ඔහු මැතිවරණයෙන් ඉහළම මනාප ලබාගෙන ප්‍රාදේශීය සභාවට තේරීපත්වූවෙකි.

මෙම මන්ත්‍රීවරයා කඩුවෙල නගරාධීපතිවරයාගේ ඥාතියෙක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම මන්ත්‍රීවරයා අතුරුදන්ව ඇති කරාටේ ධම්මික නැමැති පාතාල අපරාධකරුගේ සහෝදරියගේ පුතා බවද පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here