Home උණුසුම් පුවත් රත්නපුරයේ නායයාම් සහ ගස් කඩා වැටීම් – සිරිපාගම මාර්ගයත් අවහිරයි

රත්නපුරයේ නායයාම් සහ ගස් කඩා වැටීම් – සිරිපාගම මාර්ගයත් අවහිරයි

0
රත්නපුරයේ නායයාම් සහ ගස්  කඩා වැටීම් – සිරිපාගම මාර්ගයත් අවහිරයි

රත්නපුරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර සිරිපාගම මාර්ගයේ මල්වල හංදියෙන් බලංගොඩ දක්වා දිවෙන මාර්ගයේ වේවැල්වත්ත දෙහෙන ඇල්ල ප්‍රදේශයේ නායයාමකින් මාර්ගයට පස් කඳු හා ගස් කඩා වැටී අවහිර වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා මුළුමනින්ම බාධා එල්ලවී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම මාර්ගය නැවත වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත්කිරීමට යම්කිසි කාලසීමාවක් ගතවන බැවින් මල්වල හන්දිය ඔස්සේ බලංගොඩ මාර්ගය භාවිතා කිරීමෙන් වලකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here