Home උණුසුම් පුවත් හෙට සිට රට පුරා ඉන්ධන දෙන්නේ QR ක්‍රමයට විතරයි

හෙට සිට රට පුරා ඉන්ධන දෙන්නේ QR ක්‍රමයට විතරයි

හෙට සිට රට පුරා ඉන්ධන දෙන්නේ QR ක්‍රමයට විතරයි

දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල්වල Fuel Pass QR පද්ධතිය හෙට (01) සිට ක්‍රියාත්මක කෙරේ.

QR පද්ධතියට අනුව පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසත් වාහනයේ අංක තහඩුව සමඟ උපාංගයේ ඇති QR කේත වාහන අංකය පරීක්ෂා කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටි බව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කෙසේවෙතත් QR  ක්‍රමයට පිටින් වෙනත් ක්‍රමවලට ඉන්ධන සපයන බවට පෙනී යන්නේ නම් එම සිදුවීම්වල පැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ 0742 123 123 අංකයට වට්සැප් කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දෙයි.

හෙට සිට බලපැවැත්වෙන වාහනවලට අදාළ සතියේ ඉන්ධන කෝටාව පිළිබඳ එම අමාත්‍යාංශය මගින් දැනුවත් කෙරෙනු ඇත.

එය පසුගිය සතියේ ඉන්ධන නිකුත් කළ කෝටාවට සමාන අගයක් ගනු ඇති බව ද අමාත්‍යවරයා පවසා ඇත.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here